• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 01 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය, නීතිමය අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

- 2014-08-01 දින සිට ක්‍රියාත්මක වන 2014 අංක 04 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි ඇතුළත් අංක 1872/5 සහ 2014-07-21 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.