• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිය

- මුළු දිග කි.මී.96 ක් වන දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය පළමු කොටස (මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මී. 30) දෙවන කොටස (බෙලිඅත්ත සිටි වැටිය දක්වා -කි.මී. 26) තුන්වන කොටස (වැටිය සිට මත්තල දක්වා - කි.මී. 15) සහ සිව්වන කොටස (මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට - කි.මී.25) ආදී වශයෙන් ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මාර්ග සහ ගුවන් පාලම් ඉදි කිරීමට, සූරියවැව - ගල්වල හන්දිය - මොරකැටිය - ඇඹිලිපිටිය මාර්ගය (කි.මී. 18.28)සහ රන්න - වැටිය මාර්ගය (කි.මී. 16.15) සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වන කොටස අයත් වේ. මෙම කාර්යය සඳහා අදාළ ණය ලබාගැනීමේ කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.