• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටත වටරවුම් අධිවේගී මාර්ගය - උතුරු කොටස II (කඩවත සිට කෙරවලපිටිය දක්වා) ඉදි කිරීමේ ව්‍යාපාතිය

- කොට්ටාවෙන් ආරම්භ වී කඩුවෙල, කඩවත හරහා ගොස් කෙරවලපිටියෙන් අවසන් වන පිටත වටරවුම් අධිවේගී මාර්ගය කි.මී. 29.22 ක මුළු දිගින් යුතු මාර්ගයකි. එය කොළඹ නරගය වටා ගමන් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය හා අනෙකුත් ප්‍රධාන ජාතික මහාමාර්ගයන් සම්බන්ධ කරයි. කොට්ටාව සිට කඩුවෙල (කි.මී. 11.0), කඩුවෙල සිට කඩවත (කි.මී. 8.9) සහ කඩවත සිට කෙරවලපිටිය (කි.මී. 9.32) ලෙස ප්‍රධාන කොටස් තුනකින් ව්‍යාපෘතිය සමන්විත වේ. මෙම අධිවේගී මාර්ගයේ උතුරු II කොටසේ (කඩවත සිට කෙරවලපිටිය දක්වා) ඉදි කිරීම්වලට අදාළ ණය ආධාර ලබාගැනීමේ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.