• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා රුසියානු සමුහාණ්ඩුව අතර උදර්පණ ගිවිසුම

- රට තුළ නීතිවිරෝධී කටයුතුවල නිරතව සිට රුසියාවේ රැකවරණය පැතූ පුද්ගලයන් සඳහා අපරාධ නඩු පැවරීම හා දඬුවම් ලබා දීම පිණිස ඔවුන් උදර්පණය කරන මෙන් ඉල්ලා සිටීමට මෙමඟින් ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බැවින් රුසියානු සමූහාණ්ඩුව සමඟ මෙවැනි ගිවිසුමකට එළැඹීම ශ්‍රී ලංකාවට වාසිසහගත වනු ඇති බව නිරීක්ෂණය කර තිබේ. දෙරට අතර ඉහත ගිවිසුම අත්සන් කිරීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.