• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය පත් කිරීම

- රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීමේ හා විනිවිදභාවය තහවුරු කිරීමේ අදහස ඇතිව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයෙහි විධිවිධාන යටතේ 2005 වසරේ සිට ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය ස්ථාපිත කෙරිණි. ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය අවශ්‍ය වනුයේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවල සහ සාකච්ඡා සම්මුති කමිටුවල නිර්දේශයන්ගෙන් අතෘප්තියට පත් අසාර්ථක ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචන පරික්ෂා කර බලා ඒ පිළිබඳ සිය නිර්දේශ සලකා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහාය. 2014-08-16 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් අය ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයට පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* විනිසුරු හෙක්ටර් එස්. යාපා මහතා,
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හා
ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ හිටපු වැඩබලන සභාපති;

* පී.ඒ. පේමතිලක මහතා,
හිටපු විගණකාධිපති හා
ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ හිටපු සාමාජික; සහ

* වී.කේ. නානායක්කාර මහතා,
හිටපු අග්‍රාමාත්‍ය ලේකම් හා
අමාත්‍යාංශ කිහිපයක හිටපු ලේකම්.