• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මල්ලාවි පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- මල්ලාවි පොලිස් ස්ථානය මඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ක් සහ ග්‍රාම නිලධාරි වසම් 23 ක් ආවරණය කෙරෙන අතර 14,711 ක පමණ ජනතාවකට එමඟින් සේවය සපයනු ලැබේ. එම පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.