• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය සඳහා බස් රථ 50 ක් ප්‍රසම්පාදනය කරගැනීම

- ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයෙහි අදහස්ද සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව ලබා දුන් නිර්දේශය පරිදි, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය සඳහා රුපියල් 103,000,000.00 ක මුදලකට ආසන 44 ක් සහිත බස් රථ 20 ක් සහ රුපියල් 121,350,000.00 ක මුදලකට ආසන 30 ක් සහිත බස් රථ 30 ක් සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.