• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිවිතුරු බල ශක්ති හා ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 04 වන පැකේජය - මධ්‍යම වෝල්ටීයතා / බෙදා හැරීමේ උප ව්‍යාපෘතිය, B කොටස

- මෙම ව්‍යාපෘතියට පහත සඳහන් කටයුතු ඇතුළත් වේ:

* කිරිබත්කුඹුර ග්‍රිඩ් උපපොළේ සිට යෝජිත ගලහ ගැන්ට්‍රිය දක්වා (කි.මී.15) කි.වො. 33 ද්විත්ව පරිපථ කුලුනු මාර්ගය සහ ඊට අදාළ කාර්යයන්;

* ගල්මඩු හන්දියේ සිට යෝජිත අක්කරෙයිපත්තුව ගැන්ට්‍රිය දක්වා (කි.මී. 18) කි.වො. 33 ද්විත්ව පරිපථ කුලුනු මාර්ගය සහ ඊට අදාළ කාර්යයන්; සහ

* යෝජිත අක්කරෙයිපත්තුව ගැන්ට්‍රියේ සිට යෝජිත පොතුවිල් ගැන්ට්‍රිය දක්වා(කි.මී. 42) කි.වො. 33 ද්විත්ව පරිපථ කුලුනු මාර්ගය සහ ඊට අදාළ කාර්යයන්.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකුල ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් අතරින් අවම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරු වෙත ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.