• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිවිතුරු බල ශක්ති හා ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 04 වන පැකේජය - මධ්‍යම වෝල්ටීයතා / බෙදා හැරීමේ උප ව්‍යාපෘතිය, A කොටස

- මෙම ව්‍යාපෘතියට පහත සඳහන් කටයුතු ඇතුළත් වේ;

* වවුනියාව ග්‍රිඩ් උපපොළෙහි සිට යෝජිත කැබිතිගොල්ලෑව ගැන්ට්‍රිය දක්වා (කි.මී. 23) කි.වො. 33 ද්විත්ව පරිපථ කුලුනු මාර්ගය සහ ඊට අදාළ කාර්යයන්.

* නව අනුරාධපුර ග්‍රිඩ් උපපොළෙහි සිට යෝජිත කහටගස්දිගිලිය ගැන්ට්‍රිය දක්වා (කි.මී. 31) කි.වො. 33 ද්විත්ව පරිපථ කුලුනු මාර්ගය සහ ඊට අදාළ කාර්යයන්;

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකුල ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් අතරින් අවම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරු වෙත ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.