• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ගෙනහිර පළාතේ ජලසම්පාදන සංවර්ධන ව්‍යාපෘතිය - කොන්ඩුවට්ටුවාන, බංගලාවාඩිය, කල්මුනෙ, ඉරක්කාමම්, පොතුවිල්, උහන, දමන, හිඟුරාන යන පොම්පාගාර සහ මහඔය සහ දෙහිඅත්තකණ්ඩිය ජල පවිත්‍රාගාර හා තුළු මං (Intakes) සඳහා පොම්ප, යාන්ත්‍රික සහ විද්‍යුත් උපකරණ, මෙවලම් සහ උපාංග සපයා සවි කිරීම

- ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය සහ ශ්‍රී ලංකාවේ රජය මඟින් සපයනු ලබන අරමුදල් මඟින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නැ‍ඟෙනහිර පළාතේ ජලසම්පාදන සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කොන්ත්‍රාත් පැකේජ 16 ක් පවතින අතර, මෙය, එහි සියලුම යාන්ත්‍රික හා විදුලි ස්ථාපිත කිරීම් ආවරණය කරනු ලබන 10 වන කොන්ත්‍රාත් පැකේජය වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.