• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- යෝජිත ව්‍යාපෘතිය මඟින් මාතලේ, උකුවෙල, රත්තොට, නාඋල, යටවත්ත, පල්ලෙපොළ යන ප්‍රදේශවල සහ අඹන්ගඟ කෝ‍රලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ගෘහස්ථ අංශය, ආර්ථික මධ්‍යස්ථාන සහ කර්මාන්ත ඇතුළුව, මාතලේ දිස්ත්‍රික්කයේ නාගරික ජනතාවගෙන් 80% කට පමණ සෘජු ප්‍රතිලාභ සැලසෙන අතර, එමඟින් 400,000 ක් පමණ වන ජනගහනයක් සහිත ග්‍රාම නිලධාරි වසම් 260 ක් පමණ ආවරණය වේ. මෙම ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ‍ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.