• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එපෝඑටින් එන්නත් 2,000 අයියූ - පෙර පුරවා ඇති සිරින්ජර් 30,000 ක් හා එපෝඑටින් එන්නත් 4,000 අයියූ - 5,000 අයියූ පෙර පුරවා ඇති සිරින්ජර් 175,000 ක් සැපයීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් අතරින් අවම මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුවන්ට ඉහත ටෙන්ඩර් දෙක (02) පහත සඳහන් පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ඇමෙරිකානු ඩොලර් 37,500.00 ක මුළු මුදලකට එපෝඑටින් එන්නත් 2,000 අයියූ පෙර පුරවා ඇති සිරින්ජර් 30,000ක් සැපයීම; සහ

* ඇමෙරිකානු ඩොලර් 350,000.00 ක මුළු මුදලකට එපෝඑටින් එන්නත් 4,000 අයියූ - 5,000 අයියූ පෙර පුරවා ඇති සිරින්ජර් 175,000ක් සැපයීම.