• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු මැද පළාත් ඇළ ව්‍යාපෘතිය යටතේ කාලිංගනුවර, අංගමැඩිල්ල සහ මින්නේරිය ජලය පොම්ප කිරීමේ ව්‍යාපෘතිය

- කොත්මලේ ඉහළ ජලාධාර ප්‍රදේශයෙන් ආරම්භ වන දිය කඳ දැනට පොල්ගොල්ල මහවැලි ජල හැරවුම හරහා අනුරාධපුරය හා පොළොන්නරුව යන ප්‍රධාන කෘෂි දිස්ත්‍රික්ක වෙත බෙදා හරිනු ලැබේ. රටේ ඇතිවිය හැකි දේශගුණික විපර්යාසයන් පිළිබඳව සලකා බලා කෘෂිකර්මාන්තය සඳහා මෙන්ම පානීය ජලය සඳහාද ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි මී ඔය හා හකවටුනා ඔය ජල ද්‍රෝණි හරහා මහවැලි ජලය වයඹ පළාතටත්, උතුරු මැද හා වවුනියා ප්‍රදේශ දක්වාත් ලබා දීමට යෝජනා වී ඇත. ඉන්දියානු සමාගමක් මඟින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පිළිබඳව ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම සඳහා සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ ලබාගැනීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.