• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා ශක්‍යතා අධ්‍යයනයන්, පාරිසරික බලපෑම් තක්සේරු යනාදිය සිදු කිරීම සඳහා උපදේශක සේවා සැපයීම

- යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා වන මාර්ග අනුරේඛනය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුවෙන් ආරම්භ වී පැල්මඩුල්ල - ඇඹිලිපිටිය - නෝනගම මාර්ගයේ තුන් වන කිලෝමීටරයෙන් අවසන් වේ. හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, රත්නපුර (කුරුවිට) සහ තිරුවානකැටිය යන ස්ථානයන්හි අන්තර් හුවමාරු ස්ථාන ඉදි කිරීමට යෝජිතය. මංතීරු 4 කින් යුක්ත වන මෙම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග කි.මී. 71 ක් පමණ වේ. මෙකී කාර්යය සඳහා උපදේශාත්මක සේවාවන් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන උපදේශාත්මක ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.