• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා සීෂෙල්ස් ජනරජය අතර සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

- දෙරටේ බලාත්මක නීති හා රෙගුලාසිවලට අනුකූල වෙමින් එකිනෙකාගේ ස්වෛරීභාවයට අන්‍යෝන්‍ය ගරුත්වය දැක්වීමේ පදනම මත දෙර‍ට අතර සංස්කෘතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකා රජය සහ සීෂෙල්ස් ජනරජය අතර ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය, ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.