• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතුවලදී කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙළ

- දළ වශයෙන් මෙ.ටො. 8000ක කෘෂි රසායන ද්‍රව්‍ය සහ මෙ.ටො. 900,000ක රසායනික පොහොර වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබේ. පහත සඳහන් පරිචයන්ට අනුගත වෙමින් 2020 වර්ෂය වන විට කෘෂි රසායන ද්‍රව්‍ය සහ පළිබෝධ නාශක භාවිතය අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

* පළිබෝධ නාශක සහ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය ක්‍රමිකව අවම කිරීම;
* කෘෂිකර්ම ව්‍යාප්ති කටයුතුවල නිරත නිලධාරින් භෝග සායනවල ශාක වෛද්‍යවරුන් ලෙස පත් කිරීම; සහ
* කාබනික කෘෂි ගම්මාන පිහිටුවීම.

ඉහත තොරතුරු කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත සපයන ලදී.