• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු ණය මුදල් උපයෝගි කරගනිමින් ප්‍රමුඛ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- දේශීය බැංකුවලින් සැපයීමට නියමිත අරමුදල්වලින් රුහුණුපුර බෙදා හැරීමේ ජලසම්පාදන ව්‍යාපෘතිය සහ අම්පාර බෙදා හැරී‍මේ ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට එවැනි බැංකු සමඟ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.