• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙළඳ හා ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත වශයෙන් 2014 ජුනි 29 සිට ජූලි 05 දින දක්වා ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් චීන සමූහාණ්ඩුවේ සිදු කළ චාරිකාව

- ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉහත සඳහන් සංචාරය සම්බන්ධයෙන් සපයන ලද තොරතුරු අනුව, ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම කඩිනම් කිරීම පිළිබඳව සහ වෙළඳ හා සංචාරක අංශයන්හි සහයෝගය වැඩි කරගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම් උනන්දු කරවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමක් කිරීමේ අරමුණින් ආර්ථික සංවර්ධන ඇමතිතුමා සහ මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡා පවත්වා ඇති බවත්, එහිදී සෑහීමට පත්විය හැකි ආකාරයේ ප්‍රගතියක් ඇමතිතුමා විසින් අත් කරගෙන ඇති බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති, අතිගරු ක්ෂි ජින්පින් මැතිතුමා විසින් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවත් එම සංචාරය, මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය නායකයකු විසින් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ප්‍රථම සංචාරය වන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී.