• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට නව ණය තොරතුරු පද්ධතියක් මිල දී ගැනීම

- 1990 අංක 18 දරන ණය තොරතුරු කාර්යාංශය පනත (සංශෝධිත පරිදි) යටතේ 1990 දී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පිහිටුවන ලද්දේ ණය තොරතුරු රැස් කිරීම, සැසඳීම හා එම ණය තොරතුරු සාමාජික ණය දෙන ආයතන වෙත ලබා දීම සඳහාය. රටේ පවතින සාමකාමී වාතාවරණයත් සමඟ ආර්ථික වර්ධනය වැඩිදියුණු වී ඇති අතර සාර්ව ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වූ වැඩිදියුණු වීම් හේතුවෙන් සාමාජික මූල්‍ය ආයතනවලින් ණය තොරතුරුවලට ඇති ඉල්ලුමද ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙහි යෝජිත තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පද්ධතියේ යටිතල පහසුකම් මඟින් ණය තොරතුරු අන්තර්ජාලය මාර්ගයෙන් ඉතා වේගවත්ව යැවීමට සහ ලැබීමට සියලුම මූල්‍ය ආයතනවලට හැකියාව ලැබෙනු ඇති අතර, ණය තොරතුරුවල ගුණාත්මකභාවය හා නිරවද්‍යතාවයද ඉහළ නැංවෙනු ඇත. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සඳහා නව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.