• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාර්මික ක්ෂේත්‍රයේ ඉල්ලුම සපුරාලනු පිණිස නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහන (2014‑2020) යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීම

- නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහනේ (2014-2020)දැක්ම සහ උපාය මාර්ගික මඟපෙන්වීම හා අනුකූලව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන විසින් කාර්මික ඉල්ලුම සපුරා ලනු පිණිස පුහුණු ශ්‍රම සැපයුම පුළුල් කිරීමේ අරමුණ ඇතිව පියවර රාශියක් ගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සඳහා කුච්චවේලි, හොරණ, අහංගම සහ රත්මලාන යන ස්ථානවල නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 04 ක් ඉදි කිරීමට නියමිතය. මෙයට අදාළ ඉදිරි කටයුතු ගෙන යාම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.