• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජර්මානු රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම

- යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් ජාතික ආධුනික්තව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන අංග සම්පූර්ණ පුහුණු ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම සඳහා වූ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජර්මානු ෆෙඩරල් ජනරජය විසින් ශ්‍රී ලංකා රජය සමඟ දැනටමත් ගිවිසුමක් අත්සන් කර ඇත. රුපියල් මිලියන 700 ක (දළ වශයෙන් යුරෝ මිලියන 04 ක්) පිරිවැයකින් මෙම ආයතනයේ ඉදි කිරීම් 2014 වර්ෂයේ ඔක්තෝබර් මස ආරම්භ කර 2015 වර්ෂයේදී අවසන් කිරීමට අපේක්ෂිතය. මෙයට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.