• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මිලේනියම් වාට්ටු සංකීර්ණයේ ඉතිරි වැඩ සම්පුර්ණ කිරීම

- දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මිලේනියම් වාට්ටු සංකීර්ණයේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම පිණිස වූ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ඉජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත ප්‍රදානය කිරීම සඳහා සහ ඉදි කිරීම් කටයුතු සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය මඟින් සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.