• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම සහ ඌව පළාත්වල මාර්ග කි.මී. 64.31ක් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සහ පාලම් 13 ක් නැවත ඉදි කිරීම

- මධ්‍යම හා ඌව පළාත්වල කි.මී. 64.31ක දිගින් යුත් පහත සඳහන් මාර්ග කොටස් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සහ පාලම් 13ක් නැවත ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තු චීන ඉදි කිරීම් සමාගමකට ප්‍රදානය කිරීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මහනුවර-කිරිමැටිය මාර්ගය (කි.මී.0.0 - කි.මී.7.64)
* අම්පිටිය - ගුරුදෙණිය මාර්ගය (කි.මී.0.0 - කි.මී.2.25)
* නුවරඑළිය- රාගල - උඩුපුස්සැල්ලාව මාර්ගය (කි.මී.19.0 - කි.මී.46.0)
* වැලිමඩ-කර්ක්ලීස් මාර්ගය (කි.මී.0.0 - කි.මී.17.83)
* අවිස්සාවේල්ල-හැටන්- නුවරඑළිය මාර්ගය (කි.මී.98.9 - කි.මී.108.49)