• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා වැවිලි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති කාල සීමාව දීර්ඝ කිරීම

- කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD)මඟින් සපයනු ලැබූ ණය ආධාර යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මොනරාගල දිස්ත්‍රික්කය තුළ රබර් නව වගාවට හෙක්ටයාර 5,087ක් සහ රට මැද ප්‍රදේශයේ තේ නැවත වගාවට හෙක්ටයාර 157ක් එක් කරමින් මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් ලබා ගෙන තිබේ. ආදායම් ඉපයීමේ ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකියාව ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය මඟින් මොනරාගල දිස්ත්‍රික්කය තුළ ග්‍රාමීය රබර් සංවර්ධන පර්ෂද 164ක්ද ව්‍යවසායකත්ව කණ්ඩායම් 241ක්ද ස්ථාපිත කර ඇති අතර කුඩා වතු හිමියන් 18,000ක් පමණ ඉන් සෘජුවම ප්‍රතිලාභ ලබා ඇත. කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) විසින් නිර්දේශිත පරිදි මෙම වැඩසටහනේ කාලසීමාව 2016‑12‑31 දක්වා දීර්ඝ කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය, ගරු මහින්ද සමරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.