• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භෞමික රූපවාහිනි විකාශන කටයුතු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය - “රූ සංඛ්‍යා”

- තරංග සංඛ්‍යාතයන් ඵලදායීව භාවිතයට ගැනීම ප්‍රවර්ධනය කිරීම මඟින් මුළු රටම ආවරණය වන පරිදි ජනතාවට තොරතුරු සඳහා ප්‍රවේශ වීමට ඇති හැකියාව වැඩි කිරීම පිණිස භෞමික රූපවාහිනි විකාශන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා රජය විසින් මූලාරම්භක පියවරයන් ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් රූපවාහිනී විකාශන ආයතන විසින් දරනු ලබන මෙහෙයුම් හා සම්ප්‍රේෂණ පිරිවැය අවම කිරීමට දායක වෙමින් මෙම තාක්ෂණය භාවිත කරන්නන්ට අනර්ඝ තත්ත්වයේ පින්තූර හා ශබ්ද මෙන්ම පුළුල් පරාසයක තේරීමකට ලක් කළ හැකි නාලිකා සහ වැඩසටහන් නැරඹීමට අවකාශ සැලසීම වැනි උසස් සේවාවන් සැපයීමද, රූපවාහිනී සංස්ථාව ඉහළ මට්ටමට ගෙන ඒමද අදහස් කෙරේ. මෙම කාර්යය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) හරහා ජපාන යෙන් මිලියන 13,717ක (දළ වශයෙන් රුපියල් මිලියන 17,396 ක) ණය මුදලක් සැපයීමට ජපන් රජය විසින් එකඟතාව පළ කොට ඇත. මෙම ණය මුදලට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.