• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ නිලධාරින් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට ගල්කිස්සේ පිහිටි රජයේ ඉඩම පවරා ගැනීම

- පෙර විකුණුම් පදනම මත අධිකරණ නිලධාරින්ට ලබා දීම සඳහා නිවාස ඒකක 60 කින් පමණ සමන්විත දොළොස් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම‍ පිණිස ගල්කිස්ස උසාවි භූමියට නුදුරින් පිහිටි රූඩ් 02 යි පචර්ස් 07 ක ප්‍රමාණයෙන් යුත් රජයේ ඉඩම් කොටසක් පවරා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.