• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘2015 දැයට කිරුළ’ - ජාතික සංවර්ධන වැඩසටහන

- ‘දැයට කිරුළ’ වැඩසටහන, උපාය මාර්ගිකව තෝරා ගැනුණු සහ ඉලක්කගත, රජයේ කලාපීය සංවර්ධන වැඩසටහන් ජනතාවට සමීප කිරීමේ අරමුණින් නිදහස් දින සැමරුමට සමගාමීව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් ප්‍රධාන සංවර්ධන වැඩසටහන් මඟින් ආවරණය නොවන සංවර්ධන අවශ්‍යතාවන් ඉටු කිරීම මෙන්ම ජනතාව මුහුණ දෙන ආයතනික ගැටලු සඳහා විසඳුම් ලබා දීමද සිදු වේ. 2015 ‘දැයට කිරුළ’ වැඩසටහන ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිතය. ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය ‘දැයට කිරුළ’ සංවර්ධන වැඩසටහනට හා 2015 නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව මාතර කඹුරුපිටියේ කොටවිල වත්ත සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය පරිශ්‍රයන්හි පැවැත්වෙනු ඇත. මීට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.