• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
A5 මාර්ගයේ බදුල්ල සිට චෙන්කලාඩි දක්වා වු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

- පේරාදෙණිය - බදුල්ල- චෙන්කලාඩි මාර්ගය, නැ‍ඟෙනහිර පළාත සහ මධ්‍යම පළාත යා කෙරෙන ප්‍රධාන මහා මාර්ගවලින් එකකි. ඉන් පේරාදෙණිය සිට බදුල්ල දක්වා වූ මාර්ග කොටස දැනටමත් ප්‍රතිසංස්කරණය කර ඇත. කි.මී. 151.3 ක දිගින් යුක්ත වන බදුල්ල- චෙන්කලාඩි දක්වා වන ඉතිරි මාර්ග කොටස ඇමෙරිකානු ඩොලර් මිලියන 140 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සංවර්ධනය කිරීමට යෝජිතය. මෙම ව්‍යාපෘතියට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල මඟින් සහ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල මඟින් ඒකාබද්ධව අරමුදල් සැපයීමට නියමිත අතර ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත. ප්‍රථම කොට, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.