• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015-2017 මධ්‍යකාලීන අයවැය රාමුව සහ 2015 වසර සඳහා අයවැය සකස් කිරීම

- 2016 වන විට ශ්‍රී ලංකාව දිළිඳුකමින් තොර ර‍ටක් බවට පරිවර්තනය කිරීම සහ ඒකපුද්ගල ආදායම අඛණ්ඩව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව රජයේ දෙවන පස් (05) අවුරුදු සංවර්ධන ප්‍රතිපත්ති රාමුව 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරේ. අඩු ආදායම්ලාභී සහ දිළිඳු පවුල් පිළිබඳ විශේෂ ලෙස අවධාරණය කරමින් ප්‍රධාන කොටම ජීවනෝපාය මාර්ග හා රැකීරක්ෂා අවස්ථා සුලභ කිරීමත් ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව සහ පරිසර සුරක්ෂිතතාව ඇති කිරීම මඟින් සංවර්ධනය තහවුරු කිරීමත් පෙරදැරිව රජය විසින් 2015-2017 මධ්‍යකාලීන අයවැය රාමුව පිළිබඳව අවධානය යොමු කරයි. සමාජ සංවර්ධනය, මූලික යටිතල පහසුකම් හා ආර්ථික දර්ශක අතින් ජාතික සාමාන්‍යයට වඩා පහළින් සිටින දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය, අධ්‍යාපන, මාර්ග හා පිරිසිදු පානීය ජලය ආදී මූලික පහසුකම් සඳහා ප්‍රවේශය වැඩි කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් 2015 – 2017 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ 2015 අයවැය සකස් කිරීමට යෝජිතය. මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඒ හා බැඳුණු ක්‍රියාකාරකම්වලට අදාළ කටයුතු කර ගෙන යාම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.