• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ක්‍රීඩා කෞතුකාගාරය ඉදි කිරීම

- අනාගත පරපුර ක්‍රීඩාවේ හරයන් පිළිබඳව දැනුවත් කිරීම, කුසලාන හා සිහිවටන මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික ක්‍රීඩක / ක්‍රීඩිකාවන්ට අදාළ ලිපිලේඛන ආදිය ප්‍රදර්ශනය හා සංරක්ෂණය උදෙසා යෝජිත ක්‍රීඩා කෞතුකාගාරය, නිදහස් චතුරස්‍රය පෙනෙන මානයේ පිහිටි, අභාවප්‍රාප්ත එෆ්.ආර්.සේනානායක මැතිතුමාගේ පාරම්පරික නිවසේ පිහිටුවීම පිණිස ක්‍රීඩා අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.