• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලි පුද්. සමාගම (LECO) මඟින් නඩත්තු කරනු ලබන බෙදා හැරීම් ජාලයේ ධාරිතාව වැඩිදියුණු කිරීම

- මීගමුවේ සිට ගාල්ල දක්වා විහිදෙන රටෙහි බටහිර වෙරළ තීරයේ විදුලිය බෙදා හැරීමේ ජාලය මුළු උපපොළවල් 31 ක් සමඟින් ලංකා විදුලි පුද්. සමාගම (LECO) විසින් මෙහෙයවනු ලබයි. LECO සමාගම විසින් ආසියානු සංවර්ධන බැංකුව මඟින් අරමුදල් සපයනු ලබන පවිත්‍ර බලශක්ති හා ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කටුනායක, කොටිකාවත්ත, කිරිබත්ගොඩ, නාවල සහ හික්කඩුව යන ප්‍රදේශයන්හි කි.වො. 33/11 ක ප්‍රාථමික උපපොළවල් පහක් (05) දැනට ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම බෙදා හැරීමේ ජාලයේ ධාරිතාව වැඩිදියුණු කිරීම හා බැඳුණු ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.