• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටාන ජලසම්පාදන ව්‍යෘපෘතිය - 1 වන අදියර

- මෙම ව්‍යාපෘතිය මඟින් කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට නළ ජල පහසුකම් සැපයීමට අපේක්ෂා කෙරෙන අතර එහි 1 වන අදියර මඟින් කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 45ක් ආවරණය වේ. මෙම ව්‍යාපෘතියේ 1 වන අදියරට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.