• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක අපනයන සැකසුම් කලාපයේ මධ්‍යම අපජල පිරියම් යන්ත්‍රාගාරය වැඩිදියුණු කිරීම සඳහා විද්‍යුත් යාන්ත්‍රික උපකරණ සැපයීම හා ස්ථාපනය

- කටුනායක අපනයන සැකසුම් කලාපයෙහි දැනට පවත්නා කර්මාන්තවල මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත වීම හා අලුතින් කර්මාන්ත ස්ථාපිත කිරී‍ම නිසා එම කලාපයේ පවත්නා කර්මාන්තවල ක්‍රියාකාරකම් පුළුල්වීම සැලකිල්ලට ගෙන කර්මාන්තශාලාවලින් බැහැර කෙරෙන අපජලය පිරිපහදු කිරීමට අදාළ වර්තමාන හා අනාගත අවශ්‍යතාව සපුරා ලීම සඳහා කටුනායක අපනයන සැකසුම් කලාපයෙහි පොදු අපජල පිරිපහදු පද්ධතියේ ධාරිතාව වැඩිදියුණු කිරීමට යෝජනා වී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ටෙන්ඩරය පිරිනැමීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ගරු ලක්ෂ්මන් යාපා අ‍බේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. අසාර්ථක ලංසුකරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් අභියාචනයන් ලැබී නොමැති බවද, අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.