• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ ජාතික ළමා උපදේශන මධ්‍යස්ථානයක් සහ ජාතික ළමා රැකවරණ නිවහනක් පිහිටුවීම

- ළමා අපචාරයන්ට සහ අනෙකුත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ වින්දිතයින්ට ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වන තුරු නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ ළමා රැකවරණ නිවහනක් සහ ජාතික ළමා උපදේශන මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය, ගරු තිස්ස කරල්ලියද්ද මැතිතුමා විසින් ඉදිරිපත් කර ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.