• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව (ADB) ණය ආධාර අංක 2518/2519 (SF) - SRI යටතේ ප්‍රයෝජනයට නොගත් අරමුදල් මගින් කැලණිය ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම (පවිත්‍ර බලශක්ති ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය)

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇගයීමට ලක් කළ අවම ලංසුකරු වෙත ඉහත ටෙන්ඩරය ප්‍රදානය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. අසාර්ථක ලංසුකරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් කිසිදු අභියාචනයක් ලැබී නොමැති බවද, අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.