• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් නව උද්භිද උද්‍යාන පිහිටුවීම සහ පවත්නා උද්‍යානවල පහසුකම් වැඩිදියුණු කිරීම

- ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන නරඹන විදේශීය හා දේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් තිබෙන බව නිරීක්ෂණය කර ඇත. 2013 වර්ෂයේදී එමඟින් ලැබුණු ආදායම රුපියල් මිලියන 416.5ක් වූ අතර, 2014 මුල් මාස පහ (05) තුළ එමඟින් ලැබුණු ආදායම රුපියල් මිලියන 219.8ක් විය. පහත සඳහන් ව්‍යාපෘතීන්ට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය, ගරු ජයරත්න හේරත් මැතිතුමා විසින් ඉදිරිපත් කර ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* 2014 සැප්තැම්බර් මස විවෘත කිරීමට නියමිත අවිස්සාවේල්ල නව තෙත් කලාපීය උද්භිද උද්‍යානයට අදාළ කටයුතු;

* හම්බන්තොට, මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ දෙවන අදියර යටතේ, ඉතිරි භූමි ප්‍රදේශය සංවර්ධනය කිරීම; සහ

* හක්ගල උද්භිද උද්‍යානයේ අදාළ කටයුතු.