• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 ‘දැයට කිරුළ’ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව දකුණු පළාත තුළ මගී ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

- 2015 වසරේ පැවත්වෙන ‘දැයට කිරුළ’ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව,රුපියල් මිලියන 85 ක මුළු පිරිවැයකට ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පහත සඳහන් බස් නැවතුම්පළ 04 ඉදි කිරීම සඳහා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය ආර්.එම්.සී.බී.රත්නායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ගාල්ල දිස්ත්‍රික්කය - හබරාදූව බස් නැවතුම්පළ
* මාතර දිස්ත්‍රික්කය - අකුරැස්ස බස් නැවතුම්පළ
* හම්බන්තොට දිස්ත්‍රික්කය - ලුණුගම්වෙහෙර බස් නැවතුම්පළ
* හම්බන්තොට දිස්ත්‍රික්කය - වලස්මුල්ල බස් නැවතුම්පළ