• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
“ජනසෙවණ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන - දේශීය ආයෝජකයන් සමඟ නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම - කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේකැලේවත්ත, පල්ලේකැලේ

- දැනට නිවාස නොමැති අයට නිවාස සපයා දීමේ අරමුණින් දේශීය පෞද්ගලික ආයෝජකයින් සමඟ එක්ව ‘ජනසෙවන’ ජාතික නිවාස සහ ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ නිවාස අධිකාරිය සතු ඉඩම්වල නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත. ඒ අනුව, කුණ්ඩසාලේ පල්ලෙකැලේවත්ත නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත. ඊට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.