• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර අවබෝධතා ගිවිසුම -

- පහත සඳහන් කාර්යයන් උදෙසා ඉහත සඳහන් අවබෝධතා ගිවිසුමට එළඹීමට සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා දෙක (02) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මාලදිවයිනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පතෙහි ශක්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා සහ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය සඳහා මාලදිවයින් රජයට සහාය වීම; සහ

* මාලදිවයිනේ හෙද නිලධාරින් සහ සෞඛ්‍ය සත්කාරක සේවයක් සඳහා පුහුණුවීමේ වැඩසටහන් ශ්‍රී ලංකාවේදී ක්‍රියාවට නැංවීම මඟින් සෞඛ්‍ය සත්කාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව ලබා දීම.