• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තායිලන්තයේ පැවැත්වූ තිරසාර සංවර්ධනය පිළිබඳ ආසියා ශාන්තිකර සාකච්ඡා මණ්ඩපය

- විද්‍යාත්මක කටයුතු පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය, ගරු මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් මෑතකදී තායිලන්තයේ පැවති ඉහත රැස්වීමට සහභාගි වූහ. මෙම සාකච්ඡා මණ්ඩපයේ අරමුණ වූයේ සහස්‍ර සංවර්ධන ඉලක්ක මඟින් දැමූ පදනම මත ගොඩනැඟෙන 2015 න් පසුව වන පසු ශක්තිමක් සංවර්ධන න්‍යාය පත්‍රයක් පිළිබඳ ගෝලීය එකඟතාවක් ඇති කර ගැනීමයි. මෙම සාකච්ඡා මණ්ඩපය විසින් 32 කට වැඩි සාමාජික රාජ්‍යයන්ගේ රජයේ, ව්‍යාපාරික සහ සිවිල් සමාජීය නියෝජිතයන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍යායතන නියෝජනය කරන අනිකුත් අදාළ පාර්ශ්වකරුවන් අතර කලාපීය මට්ටමෙන් සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් සපයා තිබිණි. විද්‍යාත්මක කටයුතු පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය, ගරු මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දෙන ලදී .