• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 67 වන නිදහස් සමරු උළෙල

- 2015 පෙබරවාරි මස 04 වන දින පැවැත්වීමට නියමිත 67වන නිදහස් සමරු උළෙලේ වැඩසටහන සකස් කිරීම සහ අවශ්‍ය කටයුතු සූදානම් කිරීම පිණිස අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, ගරු දි.මු.ජයරත්න මැතිතුමාගේ සභාපතිත්වය යටතේ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සැදුම් ලත් අමාත්‍ය කමිටුවක් පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.