• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෑගල්ල නගර සංවර්ධන ව්‍යෘපෘතිය

- නාගරික සංවර්ධන අධිකාරිය විසින් පහත සඳහන් ව්‍යාපෘති දෙක කෑගල්ල නගරයේ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇත:

* කෑගල්ලේ අලුතින් ඉදි වූ නිදහස් මාවතට මුහුණ ලා පිහිටි හිස් ඉඩමක සුපිරි වෙළඳසැල් සංකීර්ණයක් ඉදි කිරීම.
මෙම වෙළඳ සංකීර්ණයේ කඩකාමර පූර්ව අලෙවි කිරීම මඟින් ව්‍යාපෘතිය මූල්‍යයනය කිරීමට නියමිත අතර එහි ඉදි කිරීම් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීමට යෝජනා කර ඇත.

* කෑගල්ල නගර මධ්‍යයේ දැනට පිහිටා ඇති බස් ඩිපෝව නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගනු ලැබූ පරගම්මන ප්‍රදේශයේ පිහිටි ඉඩමක ප්‍රතිස්ථානගත කිරීම.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 428.0ක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් දැනටමත් වෙන් කරනු ලැබ ඇත. එකී නව ඉඩමේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම් සහ ඉඩම ගොඩ කිරීම් කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පැවරීමට යෝජනා කර ඇත.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.