• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම

- කසල තේ (නිස්සාරණය කළ හැකි තේ) සහ කසළ තේ ප්‍රවාහනය සම්බන්ධයෙන් නියෝග සෑදීමේදී බලය අමාත්‍යවරයා හට ලබා දීම, පනත යටතේ දක්වා ඇති වරදකට වරදකරු වීම, වරදකට දඬුවම් කිරීම, වරද සමථයකට පත් කිරීම යන කරුණුවලට අදාළව විධිවිධාන ඇතුළත් කිරීම මඟින් හා පනත යටතේ වරදකරු වන අයකුගෙන් අය කළ හැකි උපරිම දඩ මුදල රුපියල් පනස් දාහේ (50,000/-) සිට රුපියල් ලක්ෂ පහ (500,000/-) දක්වාද වරද සමථයකට පත් කිරීමේදී අය කළ හැකි උපරිම මුදල රුපියල් දසදහසේ (10,000/-) සිට රුපියල් ලක්ෂ පහ (500,000/-) දක්වාද වැඩි කිරීම මඟින් පනත සංශෝධනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.