• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තෝරාගත් ආසියානු රටවල ජල කළමනාකරණයේදී සහ දේශගුණික විපර්යාසයන්ට හුරු වී‍මේදී ආයතනික ධාරිතාව වර්ධනය කිරීම වෙනුවෙන් ආධාර මුදල් ලබාගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ සංවර්ධන සහයෝගිතාව සඳහා වූ නෝර්වීජියානු නියෝජිත ආයතනය අතර ගිවිසුම

- සංවර්ධන සහයෝගිතාව සඳහා වූ නෝර්විජියානු නියෝජිත ආයතනය (NORAD) විසින් උසස් අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි උතුරු - දකුණු සහයෝගිතාව ඔප්නැංවීම පිණිස වැඩසටහනක් (NORAD) 2013 වසරේදී දියත් කර ඇත. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ අඩු හා මැදි ආදායම්ලාභී රටවල උසස් අධ්‍යාපන ආයතනයන්හි ධාරිතාව ශක්තිමත් කිරීමය. ජලය හා පාරිසරික ඉංජිනේරු ශිල්පය පිළිබඳ පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා (NORAD) වැඩසටහන මඟින් අරමුදල් 2013 වසරේදී ලබා දීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තෝරා ගෙන ඇති අතර, ඒ අනුව නෝර්වීජියානු නියෝජිත ආයතනය (NORAD) සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇත. මේ වෙනුවෙන් ලබා දෙන ප්‍රදානයෙන් 37%ක් (නෝර්වේජියානු ක්‍රෝනර් 6,730,482) දේශීය හා ‍විදේශීය ශිෂ්‍යත්ව/අධි ශිෂ්‍යත්ව 65ක් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය විසින් උපයෝගි කර ගනු ඇත. උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී. දිසානායක මැතිතුමා විසින් යෝජනා කර ඇති පරිදි ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් සහ ඊට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.