• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක සංවර්ධන පනතේ කාර්යය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කරනු ලැබ ඇති හෝටල්, ආපනශාලා සහ නවාතැන්පොළ වලින් අය කරනු ලබන බලපත්‍ර ගාස්තු ප්‍රතිශතය සංශෝධනය කිරීම

- පළාත් පාලන ආයතන විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති හෝටල්, ආපනශාලා සහ නවාතැන්පොළ වලින් දැනට අය කරනු ලබන 1%ක් දක්වා වන බලපත්‍ර ගාස්තුව වෙනුවට 0.5%ක නිශ්චිත බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට හැකි වන පරිදි, මහනගර සභා ආඥාපනතේ, නගර සභ ආඥාපනතේ සහ ප්‍රාදේශීය සභා පනතේ අදාළ විධිවිධාන සම්බන්ධයෙන් සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, ගරු ඒ.එල්.එම්.අතාවුල්ලා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.