• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අ.පො.ස. (සා. පෙළ) විභාගයේදී ගණිතය විෂය අසමත්වීම හේතුවෙන් අනිවාර්ය අධ්‍යාපන වයසේ පසු වන දරුවන් පාසලෙන් ඉවත්වීම වැළැක්වීම

- අ.පො.ස. (සා. පෙළ) විභාගයේදී ගණිතය විෂය අසමත් වන පාසල් දරුවන් පාසල් පද්ධතිය තුළ රඳවා ගැනීමේ අරමුණ ඇතිව පහත සඳහන් ආකාරයට තවදුරටත් පහසුකම් සැලසීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* අ.පො.ස. (සා. පෙළ) විභාගයේදී හොඳින් දස්කම් දැක්වූ එහෙත් ගණිතය විෂය අසමත් වූ ශිෂ්‍යයින්ට එම විෂය වසර දෙකක් (02) තුළ සමත් වීම සඳහා අවස්ථාවක් සැලසීම;

* අ.පො.ස. (උ. පෙළ) කලා විෂය ධාරාවට අමතරව අ.පො.ස. (උ.පෙළ) තාක්ෂණ විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හැදෑරීම සඳහා එවන් ශිෂ්‍යයින්ට අවස්ථාව දීම; සහ

* එවැනි සිසුන් සඳහා ගණිතය සඳහා වෙනම අතිරේක පන්ති පැවැත්වීම.