• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ජාතික පර්යේෂණ සභාව ස්ථාපනය කිරීම

- ජාතික පර්යේෂණ සභාව විශේෂිත ආයතනයක් ලෙස 2007 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු අතර එය ස්ථාපනය කිරීමේ මූලික අරමුණ නම් විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ පහසුකම් සැපයීම සඳහා රජයට සහාය වීමය. ජාතික පර්යේෂණ සභාව ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.