• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වීරකැටිය නගර සංවර්ධනය

- කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය විය යුතු ආදර්ශ නගරයක් ලෙස වීරකැටිය නගරය හඳුනාගෙන ඇති අතර මහජන පොළක් සහ ක්‍රීඩා පිටියක් සංවර්ධනය කිරීමට අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නංවනු ලැබීමට යෝජිතය. අදාළ කටයුතු කර ගෙන යාම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.