• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 12, ශාන්ත සෙබස්තියමේ (ගුණසිංහපුර) පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල හිමිකම ‘නිදහස් දීමනාවක්’ මත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම

- ගුණසිංහපුර නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන්ට ඔප්පු ලබා දීමට හැකි වනු පිණිස ඉහත නිවාස යෝජනා ක්‍රමය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත වෙන් කර දීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.