• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හොරණ සතිපොළ ගොඩනැඟිල්ල ඉදි කිරීම

- හොරණ නගරය සහ ඒ අවට ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රධාන සැලස්මක් සකසනු ලැබ ඇති අතර බස් නැවතුම්පොළ සංවර්ධනය, වෙළඳපොළ නවීකරණය, සතිපොළ ඉදි කිරීම ආදිය ඒ සඳහා ඇතුළත් වේ. වෙළඳ කුටි 400 කින් සහ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සහ අනෙකුත් පහසුකම් සහිතව මෙම සතිපොළ සංවර්ධනය කිරීමට යෝජිතය. අදාළ කටයුතු කර ගෙන යාම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.